අමතර $100කට දින 5න් Australian Passport එක නිකුත් කරන නව වැඩපිළිවෙලක්

AUS Pasport.png

Image Credit: Laura Reid/Getty Images

ඕස්ට්‍රේලියානු අයවැය හරහා කඩිනම් සේවාවක් ලෙස ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍ර ලබා ගන්නන් සඳහා අමතර $100ක මුදලක් අය කිරීමට යෝජනා වී තිබේ. මෙයට අමතරව විශේෂ නිපුනතා ඇති අය සඳහා විශේෂ වීසා කාණ්ඩයක් යටතේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ යෝජනාද ඉදිරිපත්වී ඇත.


LISTEN TO
Interview_23052024_Sinhala_BudgetBenifits image

ඉහළ යන ජීවන වියදමට මෙවර අයවැයෙන් ලැබුණු නොයෙකුත් සහන

SBS Sinhala

23/05/202407:23
ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හදිසි ඕස්ට්‍රේලියානුවන් සඳහා කඩිනමින් ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. කෙසේ උවත් මේ සඳහා අමතර ගාස්තුවක් ගෙවීමට ඔවුනට සිදුවනු ඇත. මෙහිදී කඩිනම් සේවය යටතේ ලබා ගන්න ගුවන් ගමන් බලපත්‍ර සඳහා අමතර $100ක් අය කිරීමට තීරණය වී තිබේ.

මෙම කඩිනම් සේවය ජූලි පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ හරහා වැඩකරන දින 5ක් ඇතුලත ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතී.

මේ හරහා ඉදිරි වසර පහ තුල ඩොලර් මිලියන 27.4ක මුදලක් ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරයි.
ලොවපුරා සිටින ඉහල නිපුනතා ඇති අයට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඉඩ සලසන national innovation visa කාණ්ඩය මේ වසරේ නොවැම්බර් මාසයේ සිට ලබා දීමට කටයුතු කර තිබේ.
සරණාගත වීසා අයදුම්කරුවන්ට කඩිනම් සේවයක්.

සරණාගත වීසා අයදුම් කරන්නන්ගේ නඩු විභාග කිරීම් සඳහා පවතින දැඩි තදබදය අවම කිරීමට නව විනිශ්‍යකාරවරුන් අට දෙනෙකු පත්කිරීමට තීරණය වී තිබේ. ප්‍රධාන වශයෙන් සරණාගතයින් පැමිණෙන මෙල්බර්න් සහ සිඩ්නි නගර සඳහා මෙහිදී අවධානය යොමුකර ඇත. පසුගිය රජය සමයේ ගොඩගැසී ඇති මෙම නඩු විභාග කඩිනමින් විසඳීමට කටයුතු කරන බව වර්තමාන රජය පවසා සිටී.

ඉහල නිපුනතා මට්ටම් ඇති අයට විශේෂ වීසා කාණ්ඩයක්.

ලොවපුරා සිටින ඉහල නිපුනතා ඇති අයට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඉඩ සලසන national innovation visa කාණ්ඩය මේ වසරේ නොවැම්බර් මාසයේ සිට ලබා දීමට කටයුතු කර තිබේ. මෙහිදී ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතාවයන්ට ඍජුවම දායක වියහැකි සංක්‍රමණිකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීමේ අවස්තාව හිමි වේ. මෙහිදී වර්තමානයේ පවතින global talent visa කාණ්ඩය අහෝසිවීමක් සිදුවේ.

මීට අමතරව Temporary Skills Shortage Visa සඳහා මින්පෙර පැවති වසර දෙකක අවශ්‍යතාවය එක් වසරක් සඳහා අඩුකිරීමටද කටයුතු කර තිබේ.

ඉන්දියානුවන් ජාතිකයින් සඳහා වෙනම Work Visa එකක්.

වයස අවුරුදු 30ට අඩු ඉන්දියානු ජාතිකයින් සඳහා වෙනම Work Visa එකක් නිකුත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. මෙහිදී විවිද ක්ෂේශ්ත්‍ර වල අධ්‍යාපන සහ රැකියා සුදුසුකම් ඇති තරුණ ඉන්දියානුවන් හට ඔස්ට්‍රේලියාව තුල වසර දෙකක් සේවය කිරීමේ හැකියාව පවතී. මේ හරහා ඉන්දියානු ජාතික උපාධිධාරී සහ පුහුණු ශ්‍රමිකයින් 3000ක් පමණ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 



Share