ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින් අනතුරු වලින් ආරක්ෂා කරන්න කැපවෙන මෙල්බර්න් ලාංකිකයා: ආචාර්ය දුලාන් කොඩිකාර

මෙල්බර්න් හි භෞත චිකිත්සකවරයකු වශයෙන් කටයුතු කරන ආචාර්ය දුලාන් කොඩිකාර ක්‍රිකට් ක්‍රීඩාවේදී ප්‍රධාන වශයෙන් හිස, බෙල්ල සහ මුහුණේ තුවාල පිළිබඳව අවධානයක් යොමු කරන පර්යේෂණ සිදු කොට තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු මේ වනවිට Cricket Australia ආයතනය සමගද කටයුතු කරයි.

00 4.jpg

Credit: Supplied by Dr. Dulan Kodikara

ඕස්ට්‍රේලියාව තුල විවිධ ක්‍ෂේස්ත්‍ර වලින් බිහිවෙන සහ නැගී එන ශ්‍රී ලාංකික අපේ ප්‍රජාවේ සාමාජික සාමාජිකාවන් බොහෝ පිරිසක් සිටී.

එවැනි ආකාරයට ඕස්ට්‍රේලියාවට සහ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයට වැඩදායී පර්යේෂණය සිදු කල තවත් අපූරු ශ්‍රී ලාංකිකයකු SBS සිංහල සේවයට හමුවුනේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින්.

මෙම පර්යේෂණ ප්‍රධාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී හිසට, බෙල්ලට සහ මුහුණට සිදුවන තුවාල පිළිබඳව අවධානයක් යොමු කරන අතර, ක්‍රිකට් භෞත චිකිත්සකවරයකු වන මොහු මෑතකදී ඔස්ට්‍රේලියාවේදී මේ සම්බන්ධයෙන් වන තමන්ගේ ආචාර්ය උපාධිය ලබා ගැනීම සිදු කොට තිබේ.

මොහු නමින් ආචාර්ය දුලාන් කොඩිකාර.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම පිළිබඳව මතකය අවදි කිරීමක්


දුලාන් කොඩිකාර මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජීවත්ව සිටින අතර ඔහු ක්‍රීඩා සහ ව්‍යායාම සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා 2011 වසරේදී දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට සංක්‍රමණය වී තිබේ.

ඔහු දකුණු ඕස්ට්‍රේලියාවේ University of South Australia හි 2011 වසරේදී මේ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කොට තිබේ.

කෙසේ නමුත් 2011 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර දුලාන් නෙදර්ලන්තයේ ජාතික පාපන්දු වෛද්‍ය කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ ජාතික ඔලිම්පික් වෛද්‍ය කාර්යමණ්ඩලය සමග පුහුණු කටයුතු සඳහා සහභාගී වී තිබේ.

අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව 2013 වසරේදී ඔහු නැවතත් ශ්‍රී ලංකාවට සංචාරය කල අතර ඔහු මාස 9ක් පමණ කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයට විශාල සේවයක් සිදු කොට තිබේ.
00 3.jpg
Credit: Supplied by Dr. Dulan Kodikara
ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුලදී තමා සිදු කල කටයුතු පිළිබඳව දුලාන් කියා සිටියේ ශ්‍රී ලංකාවේදී මළල ක්‍රීඩකයින් හට සහ ශ්‍රී ලංකා Paralympic ක්‍රීඩකයින් හට විශාල දායකත්වයක් ලබාදීමට අවස්ථාව හිමි වූ බවයි.

ඔහු මෙම කාලය අතරතුරදී ශ්‍රී ලංකා Paralympic ක්‍රීඩකයින් සඳහා වන ප්‍රධාන ක්‍රීඩා භෞත චිකිත්සකවරයා වශයෙන් සේවය ලබා දී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මළල ක්‍රීඩකයින් හට සිදු වූ විවිධ අබාධ වලදී ඒ සම්බන්ධයෙන් ඔවුනට ප්‍රතිකාර ලබාදීම සිදු කල බවත් ඒ පිළිබඳව තමන් නිහතමානීව සතුටට පත්වන බවත් දුලාන් SBS සිංහල වෙත පැවසීය.

එමෙන්ම මේ වනවිට දුලාන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රව්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ Intellectual disability තත්වය සහිත පිරිස ක්‍රීඩා කරන ජාතික කණ්ඩායම සඳහාත් රාජකාරි මට්ටමින් සිය සහාය ලබාදෙමින් සිටී.

ක්‍රිකට් ක්‍රීඩාවේදී හිස සහ බෙල්ල යන ප්‍රදේශ වල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම හා බැඳුනු කතාව

ක්‍රිකට් ක්‍රීඩාවේදී හිස සහ බෙල්ල යන ප්‍රදේශ වල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම සම්බන්ධයෙන් ආචාර්ය දුලාන් කියා සිටියේ තමාට 2010 වසරේදී ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී අනතුරකට පත් වූ බවයි.

මෙම අනතුරේදී ක්‍රිකට් පන්දුව හිස් ආවරණයේ පවතින ආරක්‍ෂිත දැල හරහා විත් ඔහුගේ දකුණු ඇසෙහි වැදී තිබේ. මේ හේතුවෙන් ඔහුට දකුණු ඇසෙහි පෙනීම අහිමි වීමට පවා ඉඩ තිබූ බව වෛද්‍යවරුන් සඳහන් කල බව දුලාන් අපත් සමග පැවසීය.

මෙම සිදුවීම දුලාන් හට ක්‍රිකට් ක්‍රීඩාවේදී හිස සහ බෙල්ල යන ප්‍රදේශ වල ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීම සඳහා ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.

එමෙන්ම 2014 වසරේදී ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා භෞත චිකිත්සකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටින කාලය අතරතුරදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Phillip Hughes අනතුරට ලක්වී මියයාමේ අවාසනාවන්ත සිදුවීමද තම පර්යේෂණ සඳහා තවත් තමාව උද්යෝගිමත් කල බවත් දුලාන් අපත් සමග පැවසීය.
00 5.jpg
Credit: Supplied by Dr. Dulan Kodikara
මේ අතරතුරේ දුලාන් හට 2016 වසරේදී Federation University Australia මගින් ඔහුගේ අධ්‍යයන කටයුතු සඳහා පුර්ණ කාලීන ශිෂ්‍යත්වයක් පිරිනමා ඇති අතර එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය දේ සම්බන්ධයෙන් ඔහු සිය අධ්‍යයන කටයුතු ආරම්භ කොට තිබේ.

මෙහිදී දුලාන් විශේෂයෙන් සඳහන් කොට සිටියේ Cricket Australia හි ක්‍රීඩා වෛද්‍ය ඒකක ප්‍රධානී ලෙස එවකට කටයුතු කල ආචාර්ය Alex Kountouris තමාව මෙම අධ්‍යන පර්යේෂණ සිදු කිරීමට දැඩි ලෙස දිරිමත් කල බවයි.

මෙම පර්යේෂණ ඔස්සේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවැනි ආකාරයේ අනතුරු වලට මුහුණ දෙන ප්‍රමාණය සහ ඒ සඳහා බලපාන හේතුසාධක සහ තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් සොයා බලා තිබේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කරන පුහුණුකරුවන්, විනිසුරුවරුන්, ක්‍රීඩා වෛද්‍ය කාර්යමණ්ඩලය ඇතුළු සෙසු පිරිස තුල මෙවැනි අනතුරු සම්බන්ධයෙන් වන දැනුම මෙහිදී පර්යේෂණ සිදු කල බව දුලාන් SBS සිංහල සේවයට පැවසීය.

2019 ලෝඩ්ස් හි පැවති අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගයේදී Steve Smith හට සිදු වූ අනතුරත් සමග පර්යේෂණ වල ගමන් මග


2019 වසරේදී ලෝඩ්ස් හි පැවති අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගයේදී Steve Smith හට ක්‍රිකට් පන්දුව වැදීම නිසා වූ අනතුරත් සමග concussion substitute හෙවත් කම්පන ආදේශක ක්‍රීඩකයකු ගෙන්වීමට සිදු වූ බව දුලාන් පැවසීය.

එවකට එම තත්වය අලුතින් හඳුන්වාදීමක් වූ බවත් තවමත් ඔස්ට්‍රේලියාව තුල ප්‍රාන්ත මට්ටමේ හැර ඊට අඩු පහත මට්ටමින් මෙම ක්‍රමවේදය දක්නට නොලැබෙන බව දුලාන් කියා සිටී.
00 1.jpg
Credit: Supplied by Dr. Dulan Kodikara
Steve Smith හට මෙම සිදුවීමට අමතරව Cricket Viktoria ආයතනයට අනුබද්ධ ක්‍රීඩක Will Pucovski යන ක්‍රීඩකයා හටත් කිහිප වරක් මෙලෙස පන්දුව හිසේ වැදීමෙන් අනතුරු සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් දුලාන් පවසන්නේ මෙම ක්‍රීඩකයින් හට වූ අනතුරු පිලිබඳ වාර්තා තමාගේ මුහුණු සහ හිස් ආවරණ සම්බන්ධයෙන් වූ පර්යේෂණවලදී ප්‍රධාන ස්ථානයක් ගත් බවයි.

Cricket Australia ආයතනයෙන් මෙම දැනුම සහ පර්යේෂණ පිළිබඳව දක්වන උනන්දුව


SBS සිංහල සේවය නැගු මෙම පැනයට පිළිතුරු දෙමින් ආචාර්ය දුලාන් කියා සිටියේ තමා නුදුරේදීම Cricket Australia වෙත මෙම පර්යේෂණ සම්බන්ධයෙන් වන වාර්තාවක් ලබාදීමට නියමිත බවයි.

ඔහුගේ මෙම පර්යේෂණ පදනම් කරගනිමින් තවදුරටත් පර්යේෂණ ඉදිරියට සිදු කිරීමට Cricket Australia ආයතනය බලාපොරොත්තු වේ.

මේ සඳහා ප්‍රධානතම හේතුව වශයෙන් දුලාන් කියා සිටින්නේ, කිසි දිනෙක මෙලෙස ක්‍රීඩකයින් හට ක්‍රීඩාවේ යෙදීමේදී සිදු වන අනතුරු සම්පුර්ණයෙන් නතර කිරීමට කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවයි.
04.jpg
Credit: Supplied by Dr. Dulan Kodikara
එමෙන්ම ක්‍රීඩකයින්ගේ හිස මුහුණ සහ බෙල්ල යන ප්‍රදේශ සඳහා වන අතුරු අවම කරගැනීමට මෙතරම් ගැඹුරින් පර්යේෂණ සිදු කොට තිබෙන ලොව ප්‍රථම වතාව මෙය වන බවත් දුලාන් කියා සිටී.

ඕස්ට්‍රේලියාවෙන් ඔබ්බට මෙලෙස ක්‍රීඩකයින් හට සිදුවන අනතුරු වලක්වාගැනීම සම්බන්ධයෙන් පියවර ගැනීමක් හෝ පර්යේෂණ සිදු කිරීමක් ඉතිහාසයේ සිදුව නැති බවත්, කෙසේ නමුත් මෙම පර්යේෂණ ඔස්සේ ලොව වෙනත් රටවල ක්‍රීඩකයින් හට සිදු වන අනතුරු වලක්වාගැනීම සම්බන්ධයෙන් වන දැනුම ඉහල දැමීමටත් බලාපොරොත්තු වන බව දුලාන් කියා සිටී.

එමෙන්ම මෙම කටයුතු අඛණ්ඩව සිදුවනු ඇති බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් ආචාර්ය දුලාන් අපත් සමග පැවසීය.

පර්යේෂණ සහ දැනුම ඔස්සේ ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ අනතුරු අවම කරගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රම යොදා ගැනීම පිළිබඳව තිබෙන යෝජනා


මේ සම්බන්ධයෙන් දුලාන් සඳහන් කලේ හිස් ආවරණ භාවිත කිරීම සම්බන්ධයෙන් තමන් සමීක්ෂණ සිදු කල බවයි.

ක්‍රීඩකයින් හට ක්‍රීඩාවේ යෙදීමේදී හිස් ආවරණ පැළඳීම සම්බන්ධයෙන් තිබෙන සුවපහසුව, පවතින ප්‍රධාන ගැටළුවක් බවට මේ ඔස්සේ හෙළිවූ බව දුලාන් පවසයි.

මේ සඳහා පිළියමක් ලෙස හිස් ආවරණ සකසන ආයතනයක් මේ වනවිටත් නිසි පියවර ගනිමින් සිටින බවත්, ඔවුන් එක් එක් ක්‍රීඩකයින්ගේ හිස පිහිටා තිබෙන ආකාරයට 3D තාක්ෂණය යොදාගනිමින් සුවපහසු හිස් ආවරණ සැකසීම සිදු කරන බවත් දුලාන් කියා සිටී.

__________________________________________________________________________________________________________________

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:


SBS සිංහල වෙබ් අඩවිය:  


SBS සිංහල Facebook පිටුව: 


SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

__________________________________________________________________________________________________________________


මෙම තත්වය ක්‍රීඩාවේදී අපහසුතාවය මත හිස් ආවරණ පැළඳීමට පසුබට වන ක්‍රීඩකයින් හට ඉදිරියේදී යහපත් වනු ඇති බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම මෙම පර්යේෂණ කටයුතු සිදුවන කාලය අතරතුරදී Cricket Australia ආයතනය ක්‍රීඩකයින්ගේ බෙල්ලේ ආරක්ෂාවට Neck Protectors භාවිත කිරීම අනිවාර්ය කොට තිබේ.

මෙම තීරණය අභියෝගයක් වූ බව සඳහන් කරමින් දුලාන් පවසන්නේ ක්‍රීඩාවේ යෙදීමේදී මෙය අපහසුවක් වන බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් රැසක් චෝදනා කල බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේදී හිස සහ බෙල්ල යන ප්‍රදේශ වල ආරක්ෂාව අනෙකුත් අංශ කෙරෙහිත් යොමුවිය යුතු බවට තිබෙන සැලසුම්


ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරේ.

කෙසේ නමුත් අනෙකුත් අංශ කෙරෙහිත් අවධානයක් අනිවාර්යයෙන්ම යොමුවිය යුතු බවට ආචාර්ය දුලාන් පෙන්වා දෙයි.

මේ සඳහා උදාහරණ ගෙනහැර දක්වමින් දුලාන් SBS සිංහල සේවයට සඳහන් කොට සිටියේ, පන්දු යවන්නන් සහ වැඩි අවධානයක් යොමු නොකරන ක්‍රිකට් පුහුණුකරුවන් මෙවැනි අනතුරු සඳහා මුහුණදීමේ ඉහල අවදානමක් තිබෙන බවයි.
02.jpg
Credit: Supplied by Dr. Dulan Kodikara
මේ හේතුවෙන් මේ වනවිට Cricket Australia ආයතනය මගින් පුහුණුකරුවන් හට ආරක්‍ෂිත දැල් තුල සිය පුහුණු කටයුතු සිදු කිරීමේදී හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කොට තිබේ.

තවත් පිරිසක් වශයෙන් දුලාන් සඳහන් කොට සිටියේ විනිසුරුවරුන් හටද මෙවැනි අනතුරු සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවයි.

පන්දු රකින්නන් ද මෙම තත්වය මත අනතුරු ඇතිවීමේ ඉහල අවදානමක් තිබෙන නමුත් ක්‍රීඩා කිරීමේදී හිස් ආවරණ පැළඳීමේ ප්‍රයෝගිකත්වය සම්බන්ධයෙන් අභියෝග රැසක් තවමත් පවතින බව ඔහු කියා සිටී.

කෙසේ නමුත් මෙලෙස ක්‍රීඩා කිරීමේදී පන්දු යවන්නන් ලෙස හිස් ආවරණ පැළඳීම පිළිබඳව සාර්ථක අත්හදා බැලීම් සිදුව තිබෙන බවත් ආචාර්ය දුලාන් අපත් සමග පැවසීය.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ලාංකිකයකු වශයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයට දක්වා තිබෙන දායකත්වය පිළිබඳව තිබෙන පෞද්ගලික හැඟීම


තමා ලාංකිකයකු වශයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ කෙටි කාලයක් තුල ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ක්‍රිකට් භෞත චිකිත්සකවරයකු වශයෙන් දායකත්වයක් ලබාදීමට හැකිවීම පිළිබඳව තමාට නිහතමානී ආඩම්බරයක් තිබෙන බව ආචාර්ය දුලාන් කියා සිටී.
06.jpg
Credit: Supplied by Dr. Dulan Kodikara
එමෙන්ම ඉදිරියේදී ඕස්ට්‍රේලියාවට වෘත්තියමය වශයෙන් කටයුතු කිරීම සදහා පැමිණීමට බලාපොරොත්තු වන පිරිසට ඔහු කියා සිටින්නේ තම දක්ෂතාවය සහ කැපවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙසයි.

ඒ ඔස්සේ ඕනෑම අයකුට ඔස්ට්‍රේලියාව තුල වෘත්තියමය වශයෙන් ඕනෑම ක්ෂේස්ත්‍රයක ඉදිරියට යාමට හැකි බව ආචාර්ය දුලාන් කියා සිටී.

ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ මෙම ක්ෂේස්ත්‍රයට පැමිණෙන්න බලාපොරොත්තු වන නව පරපුරේ පිරිසට ලබාදෙන උපදෙස්


මෙම පැනයට පිළිතුරු දෙමින් ආචාර්ය දුලාන් කියා සිටියේ තමාට සෑම විටම කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් පැවති බවයි.

වෘතිකයකු වශයෙන් තමාට ඉදිරියට යාමට කල යුතු දේ සම්බන්ධයෙන් කෙටිකාලීන සැලසුමක් තිබූ බවත්, සෑම විටම ඉදිරි වසර 5ක කාලය තුලදී තමා සිටිය යුතු ස්ථානය සමබන්ධයෙන් සැලසුම් පැවති බවත් දුලාන් කියා සිටී.
08.jpg
Credit: Supplied by Dr. Dulan Kodikara
පෞද්ගලිකව, තමා ආචාර්ය උපාධිය හැදෑරීමේදී, වෘතියමය වශයෙන් භෞත චිකිත්සකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටින අතරතුර ඉදිරි වසර 5ක කාලය තුලදී ඉදිරි පරපුරට අධ්‍යාපනය ලබාදීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් කටයුතු කිරීමට අවශ්‍යතාවට පැවතුනු බව ඔහු අපත් සමග පැවසීය.

අවසන් වශයෙන් තමාට යම් අරමුණක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් සැලසුමක් තබාගැනීම අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙමින් ආචාර්ය දුලාන් නවකයින්ට කියා සිටින්නේ තම අරමුණු කරා ලඟාවීමට, තමා සිදු කරන කැපවීම ඉතාමත් වැදගත් වන බවයි.

__________________________________________________________________________________________________________________

ඩිජිටල් සහ සමාජමාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:


SBS සිංහල වෙබ්අඩවිය:  


SBS සිංහල Facebook පිටුව: 


SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන්දෙන්න.


__________________________________________________________________________________________________________________

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

__________________________________________________________________________________________________________________

Share
Published 17 April 2024 5:22pm
Updated 17 April 2024 8:03pm
By Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends